Pages

Friday, March 19, 2010

අමුතු කතාවක්


අමුතු කතාවෙන්
ඇරඹි
අමුතු කතාවේ
පස්චාත් ප්‍රකාශිත
අංකුර හැසිරීම

පුදුමයි.....
ගුරෙක් ලවා ගෝලයෙකුගෙ
බෙල්ල කපවන්න
පොතකට පුලුවන්

කැපුවද බෙල්ල
නෑ..... බැරි උනා
ගෝලයා කපටියා
ඒත් ඌ අහු උනා
අමුතු මර උගුලකට
ඒක මාලු උගුලක්
අවුරුදු දෙකකට පස්සෙත්
මාලුවා එකම තැන
දැන් දැන්
දින ලංවෙනවා
ඔව් යන්තම් විලි රුදාව දැනෙනවා
ළමය හම්බු වෙන්න
තව අවුරුදු 5ක් 6ක්
තියෙනවා
ඒත් විලි රුදාව
ඌට මර බය දැනිල
ඇතුලෙ ඉඳන්
"බේරගනියෝ" කියල
පයින් ඇන ඇන
බෙරිහන් දෙනව

පස්චාත් නූතන පඨිත
ලංකාවේ ඒවා
හරි සරලයි
වචන විතරයි ගැට ගහපු
ලෙහපුවාම වෙරලු මල්
හරි ගඳයි
අමුතු කලාව
අයිසින් දාපු
පුස් ගල් බනිස්

වෙඩි මානනවා
පේනවා
ගෑනු අස්සෙන්
පිරිමි කමට
ඉඳහිට වෙඩිත් එනවා
හරියට රිදෙනවා
පිරිමිකම් කැඩිල වැටෙනකොට
එලියට එන්න
බෑ
මාළු උගුල
කාලය ගලනවා
වතුරෙ විස
භශාත්මක අර්ථකථන දැල්
මාව හිරකරගෙන
න්‍යායන් කකුල් බදාගෙන
කලාවක් නැහැ
ආදරයක් නැහැ
ලිංගිකත්වයක් නැහැ
හැම එකක්ම යට වෙලා
භාශා මාෆියාවට
වේදනාව විතරයි
මටත් හොරා මට වෙඩි
ගෑනු කකුල් අස්සෙන්
දිවවල් වලින්
ගැලවියන් නැත්නම්
මැරෙයි......
ජීවිත ගොඩක්!!!

No comments:

Post a Comment