Pages

Saturday, March 20, 2010

මගේ ගමන් සඟයා


සිටියි අසලින්
පිය මනින්නෙක්
කවුද ?
ඔහු
විටක දුරස් වන
විටක මටත් නොදැනී
මටම ලංවන
පිය මනින්නෙක්
විටෙක පසුපසින්.....පියවරක්
විටෙක ඉදිරියෙන්.....පියවර දෙකක්
ජීවිතයේ මෙතුවක් කල්
හමු නොවූ
පියමනිනෙක්
ඔහු මගේ
ගමන් සඟයාද?
නමුත් ඔහු
සොබාදහමේ මිනිසෙකු නොවේ.....
නමුත් ඔහු මගේ
ගමන් සඟයා වැනිය.

2 comments:

  1. මේ පොජා නේද මට වැරදිලා නැත්නම්.

    බ්ලොග් එකක් ලියන එක හුඟක් හොඳයි මල්ලි. එළ දිගටම ලියපන් අපි ඕන දේකට පිටිපස්සෙන් ඉන්නවා. මේක SBU එකටත් එකතු කලානම් හොඳයි.

    http://blogs.sinhalabloggers.com/add-blog

    ජය...

    ReplyDelete
  2. ඔව් රවින්ද අයියා.....කාලෙක ඉදන් හිතට දැන්නු අඩුවක් පිරිමහ ගන්න පොඩ්ඩක් ලියන්න හිතුනා....

    ReplyDelete