Pages

Sunday, March 21, 2010

පොලිය

ඩිග්...
ඩ්ග්.....
ඩිග්.......
කවුද යකෝ !!!
මේ මහ රෑ දෙකට
මේ මම
ගෑනියෙක්?
ඔව් ගෑනියෙක්
මම ‍ගෙවන්නම් පොලිය
ලබන සතියේ
දැන් මහ රෑ දෙකයි
මම ආවේ පොලිය
ගන්න නෙමෙයි
දෙන්න
පොලියක් !
මට !
එච්චර සල්ලි
කවමදාවත්
තිබිල නැහැ
මට.....
සල්ලි වල නෙමෙයි
ඔයා මට දුන්නු
වේදනාවේ පොලිය
එතකොට උඹ ආවේ
මට වේදනාවක පොලියක් දෙන්න?
ඒකත් මහ රෑ දෙකට?
ඉතින් දොර අරින්න
දොර අඟුළු වැටිල
ගෑනුන්ට
අරින්න බැහැ
මහ රෑ දෙකට
දොර
ගෑනුන්ට
එහෙනම් මම
එනව
සදහටම
මේ වෙලාවට
ඔයා දොර අරිනකම්
මම අරින්නෙ නැහැ !
සදහටම.....
එහෙනම් මම
එනව
සදහටම
මේ වෙලාවට
ඔයාට මාව
අමතක වෙනකම්......




1 comment: