Pages

Monday, March 22, 2010

ඇය

ස්ත්‍රිය නුබ වන්ය
නිරුවත් අවකාශයක් සතු.....
පුර්ෂයා සයුරක්ය
ජලයෙන් පරිපූර්ණ.....
නුබ නම් ඉතිරි
වළා නම් සළුව
පෙරාගෙන සයුරෙන්
පෙරවයි ඇගේ
නිරුවත වැසීමට.....
සයුරෙන් සිඟා ගත්
සළු පිලි පැලැද
පාවෙයි අහස
පර ලෝකයකට.....
අසරණ සයුර
සදාකාලිකව
සළු පෙරවයි
නිරුවත් ගඟන තලයට.....

No comments:

Post a Comment