Pages

Monday, April 5, 2010

සාමාජගත පරමාණුව























මධ්‍යය බලවත්ය



මධ්‍යය පරිපූර්ණය

මධ්‍යය.....!

එනමුදු
පරිවාරය
සංඛ්‍යා පූර්ණව
ඔබ
නියුක්ලියෝන දුර්වලතා
හුවා දක්වා
බන්ධන සෑදීමට
ඔබ අසමත් යැයි
නිගමනය
කළහොත්
ප්‍රශ්න නොනගා
මධ්‍යයෙන් ඉවත්වන්න
නො
හඬන්න
එය
විකාශනයයි
ක්‍රමික විකාශනයයි
එහෙත්
නුඹ
නුඹගේ
පැවැත්ම
ආරක්ෂා කර ගන්න

ඔබ
නික්මීමෙන්
පරිවාරය
අතරමං
වනු ඇත

දැක
නුඹ
හඬනු ඇත
වරද
නුඹ අතය
දුර්වලතාවය
නුඹ සිතය
අදක්ෂතාවය
නුඹ විව්‍ර්තභාවයයි

නුඹ පරිවාරයට
අන්තර්ගතය
පෙන්වීමෙන්
එහි කොටසක්
ඔවුන් දැකීමෙන්
නුඹද පරිවාරයේ
හුදු අංශුවක්ම විය
නුඹේ රෝග ඉතිහාසය
නුඹ
සාමාන්‍යකරණය කළේය
ඉතිහාසයේ විශාලත්වය
වයසින් ළදරු
නුඹේ දර්ශනය
පාගා විනාශ කළෙහිය

නුඹ, නුඹ යැයි සිතන
අවකාශය තුළ
තවත් නොමැත
නුඹ, නුඹ
ලෙස අර්ථකතනය
කරන්නෙක්
තවත් නොපවතී
එය අවසන්ය
වරද නුඹ අතය

වෙනත් පරිවාරයක්
වෙනත් අංශුවලින්
අලුතින්
ගොඩනඟන්න
පිළුනු පරිවාරය
සැරිසරන
ක්ෂේත්‍රය වුව
මඟ හරින්න
අලුතින්
ගොඩ නැගෙන්න.