Pages

Wednesday, July 28, 2010

සිසු දිවිය


පන්ති කාමර
ඩෙස් පුටු අතර
ගෙවමින් කොන්ක්‍රීට් ගෙබිම
දඩි බිඩි ගගා යයි අපෙ සිසු දිවිය

සෑහෙයි තෙදිනකට
එක පෑන් බටය
ගෙදර මේස තුනකම
පොත් හරි ගොඩකි
සටහන් ලියූ
පොත් පිටු දිය වෙයි
අතැඟිලි පහස ලැබ
හිස ඔබාගෙන
පොත් පිටු අතර
දඩි බිඩි ගගා යයි අපෙ සිසු දිවිය

ගිනි ගනියි මල් පෙති
ඩෙස් යටින් නහය වෙත
ලේ පිරුණු දික් ගැහුණු
බිය රැදි නෙත් ටිකක්
ගනිනවා කඩතොළු
ඩෙස් ලෑලි මත ඇඳි
නෙත් ගසාගෙන
පින්තූර පත්තර අතර
දඩි බිඩි ගගා යයි අපෙ සිසු දිවිය

ලියන්නට එක විචාරය
පිටු හයකට
නව දශක ගන්නට
වාර විභාගෙට
වන්නට ප්‍රථමයා
මුළු අංශයට
"A" තුනක් ගන්නට
සරසවි යන්නට
හරි තරඟයකි
එක එකා පරදන්නට

ගෑනු ගන්නට රෝන්දෙ යන්නට
ගුටි අනින්නට වල බහින්නට
බට අදින්නට ගුලි විකන්නට
සීඩී බලන්නට එය මාරු කරන්නට
ගුරුතුමී රවටන්න පන්ති කට් දමන්නට
හරි තරඟයකි එක එකා පරදන්නට

දහසකුත් එකක් දේ මැද
යන්නට අපෙන් කොටසක්
සරසවි ගෙදර ඉන්නට
යන්නට අපෙන් කොටසක්
මහ උළු ගෙදර තපින්නට
එකෙකු දිනද්දී
තවකෙකු පරදිද්දී
දඩි බිඩි ගගා යයි අපෙ සිසු දිවිය.

5 comments:

  1. සම්පූර්ණ ඇත්ත. හොඳ නිර්මාණයක්

    ReplyDelete
  2. එකෙකු දිනද්දී තවකකු පරදින...
    පැරදුනු එකා දිනන්නා වෙත රවන...
    දිනූ එකා පැරදුනු එකා වෙත ගරහන.....
    මෙය තමා
    නොදැන මුත් සිසු දිවියෙ අපි උගනින
    යථාර්තය !!!!

    ReplyDelete
  3. @ හෙළයා: බොහෝම ස්තුතියි
    @ ගායාන් අයියා: සහතික ඇත්ත අයියේ. ඔයා කියන එක සිසු දිවියට විතරක් නෙමෙයි මුලු ජීවිතයටම අදාලයි. මාන්නය සහ ඉරිසියාව. කොමෙන්ටුවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  4. ඇයි තව ටකරන් වහලවල් යට අගල් හයේ බංකු වලට වෙලා පැය ගානක් ට්යුෂන් වල තැම්බි තැම්බි හිටපු අනේ අපේ තරුණ ජීවිතේ

    ReplyDelete
  5. @ sameeramls: ඔව් ඒකත් ඇත්ත, දැන් තැම්බේන්නේ ඇතුලෙන් ජීවීතයට මුහුණ දෙන්න කොච්චටර අමාරුද කියල දකිනකොට. ස්තුතියි කොමෙන්ටුවට.

    ReplyDelete