Pages

Thursday, July 29, 2010

ශාන්ත ප්‍රෝඩාව


ශාන්ත ගමනකි
පහතට නැමුණු මුඩු හිසකි
ඉතිරින් වෙත රැඳි දඟලන දෑසකි
අතපය සන්සුන් ඉරියව් වලමය
තඩි සිරුර වසාගත්
දිලිසෙන සිවුරකි
සිවුරේ රැලි දහසකි
එයිනෙක රැල්ලක්
නළලේ නැතිමය

හතර කේන්දර
පාලු නිසාවෙන් 
කුස්සියේ හැළි වළං
හීරුණු නිසාවෙන්
අසරණ වූ දිවිය රැක
සුර සම්පත්ති ලබා දුන්
දිව්‍ය විමානය
කසාවන් සිවුරු පොට

වාසයට ආ ගෙයි
බිතු වසයි විස්කි රාක්කය
වා කවුළු හරහා ගලයි
දුම් වලළු ගඟන තලයට
ටෙලිවිශන් රාජයා
වැඩලාය නාන මැදුරට
ආමිසයෙන් බෝ රුක මුල
මොන්ටෙරෝ, ඩබල් කැබ්
අහා සැපයි ජීවිතය
පෝය දාට චැනල් එකේ

පැන්නෙන් කම් සැප වෙතට
නිර්වාණ මඟෙහි සිට
සිහිනයක් විය
නිර්වාණ සම්පත්ති
කම් නැත මේ භවයේ
කසා වතේ
රාජාධි රජුන් වෙමු



6 comments:

  1. හැම තැනකටම.. චරිතෙකටම අදාල නොවුනත් ඇත්තක් යම් යම් අවස්තා වලට.

    ඔය අනුන්ගෙ ලවුඩ්ස්පීකර් වලට බන නොකියන.... බන කියන්න ගාන කියන... තව තියෙනව පව් පුරවගන්න ඕනිය ඕව කියල...

    ReplyDelete
  2. @Shadow/හේමලයා: Thanks but am sorry to write a poem like this. There is no way for us to correct these issues.

    ReplyDelete
  3. @පිස්සා පලාමල්ල: සමහර විට මේක ගොඩක් චරිත වලට අදාල නැතුව ඇති. එහෙම බලනකොට මම පව් ගොඩක් පුරවගෙන වගේ. ස්තුතියි කොමෙන්ටුවට.

    ReplyDelete
  4. Be careful about 'sins' when you writing this type poems

    Wickramasinghe
    http://inetquotations.blogspot.com/

    ReplyDelete
  5. @Wickramasinghe: Thanks for the comment. සුදු රෙද්දක එක කලු තිතක් තිබුනොත් ඒ රෙද්ද දිහා බලන කෙනෙක් ඉස්සෙල්ලම පෙන්නන්නෙ එකේ තියෙන කලු තිත නේද? ඒ වගේම හොදටම කිලිටි රෙද්දක කලු තිතක් තිබුනොත් අපි ඒක ගනන් ගනියිද?? ඒක තමයි මිනිස් ගතිය. පවු පිරුනත් කමක් නැහැ ඔය වගේ කිලිට්ටක් දෙකක් හේදිලා යනවනම්.

    ReplyDelete