Pages

Thursday, July 29, 2010

සුසන්ත


කොල්ලෙක් මැරිලා
රුහුණේ.....
ගහල පොලීසියෙන්
කඩේ යන පොලීසිය
නැහැ.....
ගහල අන්තරෙන්
කඩේ යන අන්තරේ

රතු පාටින්
කලු පාටින්
පත්තර බිත්ති පුරා
හෙඩ් ලයින් එක
සුසන්ත

සිසුවෙකි
සොයුරෙකි
විරුවෙකි
සුසන්ත

මාකට් කරන්න
මාකට් වෙන්න
මැරුණා උඹ
සුසන්ත

දන්නවා දැන්
මුළු රටක්
කීවොතින් නම
සුසන්ත

නුඹ.....
පැතුවේ ජීවිතයෙන්
එයද
සුසන්ත?
මරණයෙන්
මාකට් වෙන්න?
නැත්නම්
සරල සාමාන්‍ය
මිනිහෙක් වගේ
ජීවිතය විඳල
ජීවිතය විඳවල
රහසේම
මැරිල යන්නද?

හදවතට සමීපයි
නුඹ මගේත්
මරා දැමුනු
නිසාවෙන්
සුසන්ත

පැතුවේ
ජීවිතයෙන් නුඹ
මෙවන් නික්මීමක්නම්
නුඹේ පැතුම්
ඉටු වූ නිසා
සතුටුවන්නට තිබුණා.....

පැතුවේ
ජීවිතයෙන් නුඹ
වෙන යමක්නම්
නුඹේ පැතුම්
ඉටු නොවූ නිසා
දුක් වන්නට තිබුණා.....

නුඹේ පැතුම්
කියන්නට
නුඹ නැත
සංදිග්ධයි මට
නුඹ
සුසන්ත

සතුටක් නොදෙන
දුකක් නොදෙන
හිස් හැඟීමක්
මට නුඹේ
නික්මීම
සුසන්ත.....

4 comments:

  1. සහතික අත්ත .... මැරුණු එකා මැරුණා අනික් උන් ඒක හොදට මාකට් කරවා ....

    ReplyDelete
  2. අවසානයට උනේ අසරනා අම්ම කෙනෙක්ට.. තාත්ත කෙනෙක් ට තමන්ගේ ළමයා ගෙ මළ ගම දකින්න වීම පමනකි.

    ReplyDelete
  3. හැඟීම් රසවත් ලෙසින් පද පෙළට යා වෙලා, සතුටක් දැනුන කියවද්දි. ඒ නමුත් දුකයි,අන්තර්ගතය නිසා.

    ReplyDelete
  4. @ චැප්: ඔව් හැමෝම මාකට් කරනවා (මාත් ඒකමද දන්නේ නැහැ කරන්නේ) මම හිතන්නේ මැරුණ එකා දැන ගත්තොත් එයා බ්ලොග් කාරයන්ට කවි ලියන්න නිමිති දුන්න කියලා දැන ගත්තොත් මොනව හිතයිද කියල. ස්තුතියි කොමෙන්ටුවට.
    @ පිස්සා පලාමල්ල: ඒක ඇත්ත කැම්පස් එකටත් ඔනි තරම් කොල්ලෝ ඉන්නවා, අන්තරේටත් එහෙමයි, පොලීසියටත් තවත් එක කොල්ලෙක් ඒත් උගේ ගෙදරට? අනිවාර්යයෙන් ලොකු පාඩුවක්, නැතිවීමක්, දුකක්. කොමෙන්ටුවට ස්තුතියි.
    @ arunishapiro: ස්තුතියි හොදයි කිව්වට. ඇත්තටම මට ඒ සිද්දියෙන් ඇති උන කම්පනය නිසාම තමයි මේක ලිව්වේ.

    ReplyDelete