Pages

Friday, August 6, 2010

නිදි කුමරියට කතා කරන්න

අඟල් තුනක් උස පිරිමියෙක් සාමාන්‍ය ප්‍රමාණයේ නිරුවත් ගැහැනියක් ඉදිරිපිට කුමක් කරයිද? මේ ගැටළුවට පිළිතුරක් අපිට දකින්න පුලුවන් අල්මොඩෝවාර්ගෙ (Almodovar) සිනමා ‍පටයක. Talk to Her නම් මෙම චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් නරඹන නිහඩ චිත්‍රපටයක් හරහා උක්ත ගැටලුවට අල්මොඩෝවාර් සපයයි. එහි තම විද්‍යාඥ පෙම්වතිය සොයා ගන්නා රසායන ද්‍රව්‍යයක් බලෙන් පානය (ඇයගේ නව සොයාගැනීම ඹහු සතුටට පත් නොකරන නිසා) කරන පෙම්වතෙකු කෙමෙන් කෙමෙන් කුඩා වී ගොස් අඟල් තුනක ප්‍රමාණයට පත් වෙයි. ‍මෙහි තම නිදා සිටින පෙම්වතියගේ(සාමාන්‍ය ප්‍රමාණයේ) නිරුවත් සිරුර මතට ගොඩවෙන මෙම ගිණිකූරු ප්‍රමාණයේ පෙම්වතා පළමුව අතිශය ප්‍රහර්ශයකට පත් වන අතරම ඉන්පසු ඔහු ව්‍යාකූලත්වකට පත් වේ. අවසන ඔහු තම නිදා සිටින පෙම්වතියගේ රහසඟ තුලට ඇවිද යයි ඉන්පසු සදහටම ඇය තුල අතුරුදහන් වේ. චිත්‍රපටයේ මෙම කොටස සාහසික, ලිංගිකමය සහ සංවේදනවාදී මෙන්ම කාව්‍යාත්මක බවක්ද දරයි. මෙම කොටසින් අල්මොඩෝවාර් ස්වභාවික තලයකදී අතිශය පෞරුෂත්වයක් දරන ගැහැනිය ඉදිරියේ පිරිමියා කුඩා වී ගොස් ලිංගිකමය සාධකය ඉදිරියේ ඔහු ඇය තුල සැඟව තමා සම්පූර්ණයෙන් අහිමි කර ගනියි වැනි අදහසක් ලබා දෙනවා විය හැක.
මෙම චිත්‍රපටය කෝමා තත්වයට පත් තම ගැහැණුන් දෙදෙනෙක් තම ජීවිතවල වඩාත් වැදගත් සාධකය කර ගත් පිරිමි දෙදෙනෙක් වටා වර්ධනය වේ. බෙනින්ගෝ සහ මාර්කෝ මෙම පිරිමි දෙදෙනා වේ. බෙනින්ගෝගේ නිදි කුමරිය අලීසියා වන අතර මාර්කෝගේ නිදි කුමරිය ලයිඩියා වේ. මෙම ප්‍රස්තුත දෙක සමානත්වයක් දැරුවද එහි අන්තයන් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ඇදී යයි. උක්ත නිහඩ චිත්‍රපටය මෙන්ම නිහඩ මෙම ගැහැනුන් දෙදෙනා ඉදිරියේ මෙම පිරිමි දෙදෙනා (ඔවුන් එම ගැහැණුන්ට පෙම් කලද) ඔවුන්ගේ පැවැත්ම ගැහැනුන් දන්නේ නැත. නමුත් තමා වටා අවකාශයේ සම්පූර්ණ පාලනය ඇස් තදින් වැසී තිබුනද මෙම ගැහැණුන් සිදු කරයි. තමාගේ ඇය මත තම ජීවිත අර්ථනය කරන මොවුන් විසින් අවසන ඇය තුලම තමා අහිමි කර ගැනීමක් සිදු කර ගනියි.

4 comments:

  1. "Talk 2 Her" is one of the greatest movies of all time....

    ReplyDelete
  2. Yes it is. I am a huge fan of Almodovar and his other films like All about My Mother and Volver are also really great. Thanks for the comment.

    ReplyDelete
  3. uba hithanne uba liyana ewa hena sira kiyala neda. Ane harako balu ballek kiyawanne naha ube magula.

    ReplyDelete
  4. @Anonymous:Thanks for the comment.මම ලියන එක ගැන හිතන විදිහ මගේ වැඩක්. මම ලියන ඒවා ගැන අදහස් දක්වපු එකනම් හෙනම සිරා තමා. කොහොමත් මගේ බ්ලොග් එක බලු බල්ලෝ කියවනවා කියල මම හරියටම දැනගෙන හිටියෙ නැහැ. හැබැයි බලු බල්ලන්ට රිදෙන්න මම ලියල තියෙනවා ඒන් අද තමයි හරියටම දැන ගත්තේ බලු බල්ලොත් මගෙ බ්ලොග් කියවනවා කියලා. ස්තුතියි කරපු උදව්වට :D

    ReplyDelete