Pages

Monday, October 11, 2010

බල(හත්/පුලුවන්)කාරකම්


මකියාවෙලී
මම
නුඹේ
කුමාරයා

කියාදෙන්න
මට
පාඩමක්
බලය ගැන
දේශපාලන විද්‍යාවේ
නෙමෙයි
ශාරීරික විද්‍යාවේ

කියාදෙන්න
මට
රැක ගන්න
මගේ
ශාරීරික රාජ්‍යය

කියාදෙන්න
මට
කපටි වෙන්න
හිවලෙක් වගේ
රැක ගන්න
මම
නෙලා ගත්
මිදි වල්ල

කියාදෙන්න
මට
නිර්භීත වෙන්න
සිංහයෙක් වගේ
රැක ගන්න
මගේ
මස් ගොඩ
අනිත් උන්
දත නොගහන්න

කියාදෙන්න
බලවත් වෙන්න
ශාරීරික
සංදර්භයේ
බලය
අල්ලන්න
රැක ගන්න
පතුරුවන්න
මට
කුමාරයෙක් වෙන්න

බැරිනම්
එන්න
පෙත්සමක් ලියන්න
ස්වභාව ධර්මයට
රැක ගන්න
මනසින් උසස් කම
මනුසත් කම
මට
සරල
සාමාන්‍ය
මිනිහෙක් වෙන්න



4 comments:

  1. මගේ පුංචි කුමාරයා,
    කියා දෙන්න හැකි වුනාට
    නුඹට බලය ගැන
    කියා දෙන්න බැරි වුනි මට
    දුබල සත්තු ගැන,
    මස පිම්බූ-මොලය පුංචි
    කුලෑටි උන් ගැන,
    ඇස් නොපෙනෙන-කන් නෑහෙන
    අමුතු සත්තු ගැන,
    සැකෙන් බලන-තගෙන් සිටින
    කුහක යක්කු ගැන
    එන්නම් මම යලි ලියන්න
    නොලී ඇත්ත ගැන.....
    -මැකියාවෙලි-

    ReplyDelete
  2. @Anonymous:කොමෙන්ටුවට ගොඩක් ස්තුතියි ගුරුතුමානෙනි

    ඔව් එන්න
    කියාදෙන්න
    නොලියූ ඇත්ත
    හැම සතෙක් ගැනම.....
    පමාදද මනදා
    දැනටත්,
    මැරෙනවා
    සිය දහස් වරක්
    මම
    සත්තු
    එකිනෙකාට
    යටවෙලා
    හැමදාම.....
    එන්න
    මකියාවෙලී
    විදිහට
    ලියපු
    ප්‍රොයිඩ්,
    මාව
    යක්කු
    ගිලින්න කලින්......

    ReplyDelete
  3. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete
  4. @info: මගේ කවි දෙකකටම කොමෙන්ට් කරපු උබේ ඇඩ් එක මාර එලියක්...

    ReplyDelete