Pages

Wednesday, November 3, 2010

හිර වීම


මම
මිනිහෙක්,
අත්දෙකක්
පැතුම් ගුලි පිරුණු,
හදවතක්
වියලී ඉරි තැළුනු,
කකුල් දෙකක්
ඉස්සර තිබුණු,
මොළයක්
එක බිංදු එක බිංදු,
ආමාශයක්
අම්ලය පිරුණු,
අරකක්
කෙලින් වුණු

විසිකරනව
පැතුම් ගුලිකරල
අහසට හැමදාම
ඒත්.......
බැහැ,
අධි ගුරුත්වය
ආර්ථිකය,
හිර කරනව
පැතුම් ගුලි
අතැගිලි අතර

අමාරුයි
දරා ගන්න
බර
පැතුම් ගුලිවල,
යටවෙලා
තැලිලා
හුස්ම අදිනවා
මම.....

අධි ගුරුත්වය
පය අලවල
පොළවට
කාලයට
මුල් ඇදල
කකුල් පැලවෙලා,
අත් දෙකක්
හදවතක්
මොළයක්
ආමාශයක්
අරකක්
එක්ක
මම
ගහක්
සැලෙන
එක තැන
ලෝකයක
සංකර

අතු පතර
දිග
මගේ සීමාව,
මා නුහුරු
විශාල ලෝකයක්
‍හතර අත
යාගන්න බැරි.....

මැරෙන්න බැහැ
කපාගෙන
මගේ බඩ,
බරවෙලා අත්
හිරවෙලා ඇඟිලි
නුවුවමනා
පැතුම් ගුලි.....

ගිලිනව මම
ගුලි ඔක්කොම
කොහොම හරි
ජීරණය වෙන්න
මගේ බඩේම,
එතකොට ඒවි
ගඳ ගහන
ගූ ගොඩක්
පොළවට
පස් වෙන්න....

ගලවනව පොත්ත
මගේම
මැරෙන්න
කුණු වෙලා
කඳ....

විසි කරනව
මගේම
බීජයක්
එකම එක
විශ්වයට,
හදන්න
මිනිහෙක්
නිදහසේ පාවෙන්න.....

5 comments:

  1. සෑහෙන හිර විල්ලක් හිර වෙලා තියන බව පේනවා
    ඔය නිර්මාණ ජාතියට කියන නම මොකක්ද කියල මට හරියට මතක නෑ

    ReplyDelete
  2. @ස්වප්නා:මම නම් තාම හිර වෙලා නැහැ.......හැබැයි වෙයි දවසක.....
    ok I will remove the word verification.
    -Thanks for the comment-

    ReplyDelete
  3. UCSC Student කෙනෙකුට එහෙම වෙයි කියල හිතන්න බෑ :)

    ReplyDelete
  4. @ස්වප්නා: මම UCSC උනා කියල කවිය UCSC වෙන්නේ නැහැ.....මමයි කවියයි වෙනම දෙන්නෙක්.....ඕනි කෙනෙක්ට ඕනි විදිහට අර්ථකතනය කර ගන්න පුළුවන් තම තමන්ට දැනෙන විදිහට :)

    ReplyDelete