Pages

Sunday, November 20, 2011

පිබිදීම

පාවී ආදරේ
සැමරුම් කතරේ
වැලි කඳු අතරේ
නැවතුනි සිහිනෙක
ඇය හා තනිවී
ගිණි කඳු අතරේ.....

ඇයගේ සිහිනේ
ගිණි කඳු පිපිරී
මාසිත දකිනා
සිහිනය දියවී
අළු හා මුසුවී
ගසා යයි
උණුහුම් මාරුතේ.....

ආත්මය තනිකොට
ගිණි කඳු ආවාටෙක
පිබිඳූනෙමි සිහිනෙන්
විස දුමින් දෑස බොඳවී
ජීවිතය නොපෙනී
ආදරය මියැදී.....

ප.ලි. : මගේ මිතුරෙක් වන යසිත්ගේ ඉල්ලීමකට ගීතයක් සඳහා ලියැවුනු පදපෙලක් මේ.

Sunday, November 13, 2011

ආදරේ නම් යක්ශයා


සිතුවිලි නිම්නයේ
මායා නිවහනේ
වෙසෙනා
යක්ශයා
ඇගේ ආදරේ.....

සිතුවිලි නිම්නයේ
අරක්ගෙන ඌ
ඉරා මරා කා
හීන
විලාප දෙයි
"ඉවරයි හීන
තව නෑ හීන
මට බඩගිනියි හීන
දැකපන් තව තව හීන"
හිත කීරි ගැහී
බයෙන් ගුලිවෙන්න
උට බයේ
තව තව හීන
දැක දැක මරවන්න !

Monday, June 20, 2011

මිනිසා සහ ඇත්ත සතා

යතාර්තය මායාවක්
මිනිස්සු
අපි
මායා කාරයො......

මායා යශ්ටිය,
හැඟීම්..........
සඟවගෙන
යතාර්තය මායාවක්
කර
හිනැහෙන
අඬන
බුදියන....
මායාකාර ජාතිය
මිනිස්සු.....

වචන ඇතුලෙ
මායාකාරී කූඩු තනන,
එහි මායාවන් පෙන්වන...
වචන ගේ පිළිකන්නෙ
ඇත්ත සතා!
වචන වලම දීගේලි කරපු
ඇත්ත සතා!
වචන නැති තැන
මායාව නැති අවකාශයක
ඇත්ත සතා
මුදාහරින
මිනිස්සු අපි...!!!

Monday, June 13, 2011

Searching for Heaven


I wanna feel

the hell that

I see

through your eyes


I wanna fly

into

your eyes

like an angel.....


I wanna be

kissed

by the burning sun

named your heart

and then

burn and vanish

into

the thin air........

Sunday, June 12, 2011

රසායනික ආදරයක් ?


අපි පියාඹමුද
වචන පහුකරන්
අතිශය ද්‍රව්‍යමය ඉඩකට...
මොළය පීරල
වචන හිරකරල කොනක
බැම්මක් බැඳල,
අපි අපිවම හමුවෙන්න
රසායනිකව,
ආත්මය අහෝසි කරල
අනාත්මිකව
ආදරය කරන්න
ඔයා මගෙ රසායනිකත්වයට
මම ඔයාගෙ රසායනිකත්වයට....
ආදරය කරමින්
අපි අපිවම
ගල් කරවමින්
දිය කරවමින්
අතිශය
ද්‍රව්‍යමය
ඉඩකඩක........

Monday, April 25, 2011

සතුටු මාලිගා කතාව


කෝදුවකින්
අඟලෙන් අඟල,
මම
කොටු කරපු
ඉඩ
වැහෙන්න හදපු මාලිගා,
ජීවිත කාලයක් රැකපු මාලිගා
ගොඩ.....

ලෝකෙට පේන්න
ලොකුවට
හදපු
මාලිගා
මගේ
වෙන උන් රජ කරපු

ලෝකෙට හොරා
හැම රැජිනම
ඇඳට ගත්තු
බඩ කරපු
වෙන උන්ගෙ වචන,
මම සුරතාන්තය ලබපු

මම හදපු
මාලිගා
මම රැකපු
මාලිගා
වෙන උන් රජ කරපු
වෙන උන් බඩ උණු
ආලෝකයත්
රික්තයත් සමඟ
සියලූ සුරතාන්ත
මගේ අධිකාරයට
මගේ අවකාශය
මගේ සතුට
මගේ සියල්ල ගොඩ උන
තැන.........
ජීවිත කාලයම

එපා !!!!
ගල් ගසන්න
කොළු ගැටයො
උඹෙ වචන වලින්
මගේ මාලිගා ගොඩට...
උඹෙ ගල් පාර
දෙදරවනව
හැම පදනමක්ම
මාලිගා හෙලවෙනව
රජුන් රැජිනන්
ගැලවිලා වැටෙනවා
ඇඳන් මතින්,
මගෙ සතුට කැඩෙනව,
ජීවිත කාලයක්
මම විඳපු විනෝදය......

මම ආදරෙයි උඹට
කොළු ගැටයො...
ඒත් තෝරාගැනීමක්,
මට නොවේ උඹට
උඹෙ පැවැත්මද
මගෙ සතුටද

අහෝසි කරපන් උබේ පැවැත්ම
රජෙක් වෙයන් මාලිගාවක
මගේ
සැප ගනින්
මට දියන් එහි සතුට සින්නක්කර
නැතිනම් තෝරා ගනින්
මරණය
අලුගෝසුවා මම.......

Sunday, March 13, 2011

ග්‍රීස් ගහෙන් ආපස්සට

හැමදාම වගේ ඉර නැගගෙන ආව. සිහින් සුළං රැල්ලක් නගරය හරහා යනකොට මා අම්මගෙ කුස ඇතුලෙ ඉඳපු කාලය ඇති කියන්න වගේ අම්මගෙ වතුර ටැංකිය කාංදු වෙන්න ගත්තා. මා පිටතට නෑවිත් අම්මගෙ උණුහුමේම රැදෙන්න උත්සාහ කරනකොට තාත්තයි තව කට්ටියකුයි එකතු වෙලා මාව බලෙන්ම එලියට ඇදල ගත්තා. මහ හිස් හැඟීමකින් වෙළුනු මා ඔහේ සිවිලිමේ පංකාව එකම විදිහට කැරකෙන විදිහ බලන් හිටිය ජෙලි ජල්ලියක් වගේ අම්මගෙ කකුල් පාමුල‍. තාත්තට හරිම ආඩම්බරයි. හනිකට මාව අම්මගෙන් විසංධි කරපු ඔහු සබන් කැටයක් වගේ ලිස්සන මාව ඔහුගෙ රළු ඇඟිලි වලින් මිරිකන් උස්සගෙන ගෙයින් පිටතට ගියා. එක පාරට වැදුනු තද හිරු එලියෙන් ඇස් නිලංකාර වෙද්දි; හමා ගිය සුළං රැල්ලෙන් සර්වාංගය කිළිපොලනකොට මට යාන්තම් ඇහුන වාහන සද්ද අස්සෙන් තාත්ත කියනවා "මගේ ලෝකෙට උඹ සාදරයෙන් පිළිගන්නවා පුතේ" කියල. "තාත්තගෙ ලෝකය?, එතකොට මා මෙතෙක් සිටියෙ අම්මාගෙ ලෝකයේද?, තාත්තාගෙ ලෝකය රළුයි විසාලයි මට ආයෙත් අම්මගෙ ලෝකෙට රිංගන්න ඕනි" මා මොර දී අඩන්නට උනා. මාව සුමුදු දෑතකට මාරු උනා; අම්ම මාව ඇගෙ පපුවට තරුලු කරගෙන "පුතේ හෙට ඉඳන් තාත්තගෙයි මගෙයි මුළු පරම්පරාවෙම නම්බුව වෙනුවෙන් උඹ තරගෙට යනවා...දිනනවා නේද මගෙ රත්තරං පුතා" මගේ කනට මිමිණුවා. මට ආයෙත් ඇඬුම් ආවා. ඉරයි, ගෙදරයි, පාරෙ යන වාහනයි විතරක් දැකපු මා හෙට ඉඳන් මොකක්දෝ තරඟයකට යනවා.

ඉර හනිකට අනිත් පැත්තෙන් හැංගුනා ආයෙත් නැගගෙන ආවා. මට ලස්සන ඇඳුමකුත් අන්දගෙන තාත්තගෙ කාර් එකෙන් අප ගියා ලොකු පිට්ටනියකට. එතන තමා තරඟය තියෙන්නෙ. පිට්ටනිය පුරාවට එක යායට උස ග්‍රීස් ගස්. මේ හැම ග්‍රීස් ගහක්ම මුදුනින් තවත් ග්‍රීස් ගහකට සම්බන්ධ වෙනවා හරහට බැඳපු කරපු කඳකින්. මේ ග්‍රීස් ගස් මනින්න වෙන්නෙ ඒව නඟින්න යන කාලයෙන්. හැම ග්‍රීස් ගහක්ම අවුරුදු විසි හතරෙ ඉඳන් ඉහලට උසයි.

තාත්ත මට පෙන්නුවා ඔහු නැගපු ග්‍රීස් ගහ. අම්ම හරිම ආඩම්බරයෙන් තාත්ත ඒ ග්‍රීස් ගහ දිගේ අනිත් අය තල්ලු කරගෙන නැගගෙන උඩට ගියහම, අනිත් පැත්තෙ ග්‍රීස් ගහේ මුදුනට නැංග කෙනත් එක්ක අර හරහට බැඳපු පොල්ලෙ කොට්ට පොර ගහපු හැටි මට කිව්ව. තාත්ත ගහපු මාරක කොට්ට පහරකින් ප්‍රතිවාදියා විසි වෙලා බිම වැටිල විනාස උන හැටි අම්ම මට විස්තර කළෙ ඇස් වල කඳුළු පුරවගෙන. මට තියෙන්නෙත් තාත්තගෙම ජානලු ඉතින් මමත් ඒ වගේම වීරයෙක්ලු.

එක දවසක් විතරක් වයස මාව ගිණි මද්දහනෙ ඒ අය තෝරපු ග්‍රීස් ගහක් මුල තියල යන්න ගියා. ග්‍රීස් ගහේ නඟින සියළු දෙනා ඒකෙ නඟින්නෙ කිසිම ඇඳුමක් නැතිව. ගැහැණු පිරිමි දෙගොල්ලොම නිරුවතින් ග්‍රීස් ගහේ නඟිනවා. උන් ලොකු වෙන්නෙත් කාලයත් එක්කම ග්‍රීස් ගහ බදාගෙනමයි. එක එකා පාගගෙන, මිරිකගෙන ඉහලට යන්න තරඟ කරනවා. සමහරු ඉහලින් ඉන්න එකාගෙ කකුලෙන් ඇදල පහලට දානවා. ඉහලින් ඉන්න එකා පහලින් ඉන්න එකාගෙ ඔලුවට විළුඹෙන් ඇනල පහලට දානවා. ග්‍රීස් එක්ක එකිනෙකාගෙ ශරීර ඇතිල්ලෙනකොට සමහරු ආදරයෙන් වෙලෙනවා. ඒ වෙලෙන අය ආදරය නිසා ගහ අත ඇරල අනෙකාව බදා ගන්න හදනකොට නොදැනුවත්වම ගහ පල්ලෙ වැටිල විනාශ වෙනවා. මේක තරඟයේ බිමක් නොවේ විනාසයේ බිමක්. සොහොන් පිට්ටනියක්. සියල්ලෝම පාහේ වැටී විනාශ වෙනකොට එක් අයෙක් ඉඳ හිට ගහ මුදුනට යනවා ඉන්පසු අනෙක් ගසේ මුදුනට ආපු මනුස්සයත් එක්ක ද්වන්ධ සටන. ඒ සටනින් දිනන අය පහලට එන්නෙ දිනල ටයි කෝට් පැලඳගෙන. ඒ දිනපු අය කාර්වල නැඟල ජීවිතය විඳින්න යනවාලු.

මෙහෙම බල බල ඉන්නකොට මාත් අවුරුදු තුනක් විතර ලොකු වෙලා ග්‍රීස් ගහ මුලම. මගේ වයසෙ සියළු දෙනා දැන් ඇඳුම් ගලවනවා ග්‍රීස් ගහේ නඟින්න. මාත් සියළු ඇදුම් උනා දමා ග්‍රීස් ගහ බදා ගත්තා. මගෙ හිත කියනවා නඟින්න එපා කියල. මම බියගුල්ලෙක්මි. මගේ බියපත් සිත මා දෑත් දෙපා අක්‍රීය කරල. "මම මේක කරන්නෙ නෑ" මම මටම කියා ගතිමි. එතැන් පටන් මා ආයෙත් ගස මුල. ලැජ්ජාවෙන් වටපිට බලන විට මා පමණක් නොව තවත් හැම වයසකම අය මා මෙන්ම ගසේ නොනැග එය වර්ජනය කරමින් ඉන්න බව මා දැක්ක.

මා ග්‍රීස් ගහ අතැරි බව මගේ මවත් පියාත් දැනගෙන. ලතෝනි දීගෙන අම්ම දුවගෙන එනවා ඇඩූ කඳුලෙන්. තාත්තා ගෝඩ බැරල් එකක් වගේ උතුරනවා කේත්තියෙන්. අම්ම අඬ අඬා කරුණු කියද්දි තාත්තා මට ගහනවා. අම්ම හිතටත් තාත්තා ගතටත් දෙන වේදනාව දරා ගන්න බැරිම තැන මා නැවතත් බදා ගත්තා ග්‍රීස් ගහ. එසේ බදාගෙන වසර විස්සක්ම ඔවුන්ට ඇගෙව්වා මා එහි නියැලෙන බව. නමුත් වසර විස්සකට පසුවත් මා එකම තැන.

තව දුරටත් මේ බොරුව කළ නොහැකි බව මා තේරුම් ගත්තා. මගේ සිත දැන් පිපිරෙන්නට ආසන්න ගිණි කන්දක්. මට නියැලෙන්න අනවශ්‍ය තරඟයක් නිසා මගේ ජීවිතයම මට අහිමි වෙලා. කේත්තිය ලාවා මෙන් පැසවනවා. මා මේ උතුරා හැලෙන කේන්තිය දෑතින් අරගෙන මා මෙන්ම ගස් බඩ ගෑම පිළිකෙව් කළ අනෙකුන්ට පෙව්වා. ඉන්පසු ඔවුන්ද කේන්තියෙන් පුපුරන්නට උණා. අප එකතු උනා තරහෙන්. කේන්තිය අපේ මහා ශක්තිය උනා. රැයක එකතු වූ අප තරඟය විනාස කරන්නට සංවිධානය උනා. සමාජයේ මහා ටැඹවල් උන එහි ජීවනාලිය උන ග්‍රීස් ගස් අපේ කේත්තිය හමුවේ ගොයම් ගස් මෙන් ඉදිරුනා. මිනිස්සු ගොඩක් මැරුනා අපි ගස් උදුරනකොට. අපේ සටන් කරුවොත් ගොඩක් මැරුනා ග්‍රීස් ගස් වලට යට වෙලා. අවසන එක යායට කඩා හැළුනු විසාල ග්‍රීස් ගස්. මුළු භූමියම ග්‍රීස් ලේ මුහු වෙලා මූසල පාටක් අරගෙන. අපි ජය ලැබූවෙමු. මුළු ජීවිත කාලයම බොරු කරපු අප අවසන ජය ගත්තා. නමුත් මගේ හිත මහා හිස් කමකින් වෙලී යන්නට උනා. දැන් අපි කුමක් කරමුද?. ගස් නැති හැමෝම දැන් එක තලයක. නමුත් දැන් අප කරන්නෙ කුමක්ද?, ගස් තිබුනානම් තරඟ කරන්නට හෝ විනාශ වෙන්නට හෝ බොරු කරන්නට හෝ තිබුණා. මහා හිස් හැගීමකින් වෙළී ගිය මා හරහට උදුරා දැමුණු ග්‍රීස් ගහක් බදාගෙන නිදන්නට උනා.

හැමදාම වගේ පසුවදාත් හිරු පායා ආවා. නමුත් පොඩි වෙනසකුත් වෙලා. ඉර නැගගෙන ආවෙ වෙනත් දිශාවකින්. නැගිට දෑස් පිස දමා වට පිට බැලූ විට මා දුටුවේ වෙනස් ලොවක්. ග්‍රීස් ගස් සියල්ල පොළවට ක්ෂය වෙලා කුඩා හරිත වර්ණ ගස් පොළවෙන් මතු වෙලා. ලෝකය වෙනස් වෙලා. නැහැ මේ අලුත් ලෝකයක්. අපි නිර්මාණය කරපු අලුත් ලෝකයක්. පායා තියෙන්නෙ අලුත් ඉරක්. අලුත් හිරුගෙ නැවුම් පහසින් නිදා සිටි මිනිසුන් අවදි වන්නට උනා. මිනිසුන් දුටු මා විශ්මයෙන් ගල් ගැසී ගියා. දැන් ඔවුන් මා දැන සිටි මිනිසුන් නොවේ ඔවුන් නියන්ඩර්තාල්වරු වෙලා. අලුත් ලෝකයේ ඔවුන් පරිණාමයෙන් ආපස්සට ගිහින්. මම මා දෙසම බැලීමි. මගේ දෑත් දෙපා ඝන ලෝම ආවරණයක්. මාද නියන්ඩර්තාලයෙක් බවට විපරිණාමය වෙලා. අලුත් ලෝකයේ අපි සියල්ලෝම නියඩර්තාලයන් වී වානරයාගෙන් එක පියවරක් ඉදිරියෙන් සිටිමු.

අලුත් ලොව අලුත් හිරුගේ නැවුම් හිරු කිරණින් කුලමත් වූ නියන්ඩර්තාලයෝ පොළවෙන් ඉහලට නැඟුනු කුඩා ගස් වලින් මුගුරු කඩා ගන්නට වූහ. එසේ කඩා ගත් මුගුරු වනමින් මහ හඬින් කෑ ගසමින් අතේ ඇති මුගුරින් ඇස් ඉදිරියට පැමිණෙන සියල්ලට වැරෙන් ගසමින්, කුඩු කරමින් ඔහේ දුවන්නට විය. මා ඉදිරියට මුගුරක් අමෝරාගෙන අමනුස්ස හඩින් ගොරවාගෙන ආ නියන්ඩර්තාලයෙකුට මා හනික මුගුරක් කඩාගෙන ඔලුව කුඩු වෙන්නට ගැසීමි. ඉන් පසු තවත් එකෙක්. මෙලෙස මා සහෝදර නියන්ඩර්තාලයෝ කිහිප දෙනෙක්ම මා මුගුරෙන් හිස් කබල් කුඩු කර ගත්හ. මම හනිකට අසල සෑදී තිබූ විශාල වනාන්තරකට රිංගා රැකවරණය ලදිමි. සිහිල් දොළ පාරක් අසල ගසකට පිටදී වාඩි වී වසර දහස් කීයක් අප ආපසු ඇවිදින්ද කියා ගණන් කරන්නට වූයෙමි. පරණ මිනිසා වීමට තව වසර කොපමණ දහස් ගණනක් සිටිය යුතුදැයි සිතන්නට වීමි. අවසන ඒ සියල්ලට වඩා නැඟ ආ කුසගින්න බලවත් වූයෙන් කුස පුරවන්නට සතෙකු මරා ගන්නේ කෙලෙසදැයි සිතන්නට වූයෙමි.

රොක් අජිත් (Rock Ajith)


අජිත් කුමාරසිරි නැත්නම් රොක් අජිත් ගැන අමුතු කතාවට ලියන්න හිතුනෙ ඔහුගෙත් මොකක්දෝ අමුත්තක් ලංකාවෙ කලාකරුවන් අතර තිබ්බහම දකින නිසයි. මට අජිත් කුමාරසිරි ගැන අහන්න ලැබෙන්නෙ මේ ලඟදි, ඒ මගේ සංගීතය ජීවිතය කර ගත්තු යාලුවෙක්ගෙන්.


යසිත් කියන මේ මගේ මගේ මිතුරා (ඉස්කෝලෙ හය වසරෙ ඉඳන් එකට අල උන ඒත් අපි දෙන්න වෙනම විශ්ව විද්‍යාල දෙකකට තේරුන නිසා කාලෙකින් හමු උනේ) මගෙන් හමු උන පළවෙනි දවසෙම අහනවා "මචං උබ අජිත්ගෙ සිංදු අහල තියෙනවාද?". මේක අහපු මම උඩ යනවා ලඟදි වේදිකා නාට්‍ය හොඳම සංගීතය සඳහා සරසවි සම්මානය දිනපු එකා අජිත් ගැන අහපුහාම. ඉතින් මම මූනත් ටිකක් ඇඹුල් කරන් අහනවා "කවුද බන් බස් අජිත්ද?". මිනිහත් හිහා වෙලා කියනවා "නෑ බං මේ රොක් අජිත් අරූ නෙමෙයි ඉන්න ටිකක්" කියල මගේ මිතුර අජිත් කුමාරසිරිගෙ ඔහුගෙ ප්‍රියතම විතරක් නෙමෙයි මේ දිනවල ඔහුගෙ ප්‍රියතම ගීතයත් වෙන "Love n Vote" ගීතය අහන්න සලස්සනවා. මේ ගීතයේ වෙනස, අමුත්ත මට මාර විදිහට දැනුනා. ඒ අමුත්ත තමයි අජිත් කුමාරසිරි නැත්නම් රොක් අජිත් ගැන ලියන්න නිමිත්තක් සපයන්නෙ.

අජිත්ගෙ සංගීතය සහ භාවිතාව වෙනස්ම තැනක තමා ස්ථාන ගත වෙන්නෙ. ඔහුට විශය පථය වෙන්නෙ සමාජ ගැටළු, යුද්ධය, සාමය, සමාජයේ ලිංගික අර්බුධය. ඒත් එක්කම සංගීතය වෙනස් ඔහු පවසන ආකාරයටම ඔහු ශබ්ද සංයෝජකයෙක්. ඔහුගේ ගී පද මාලා ගැන කතා කලොත් එහි සාහිත්‍යමය වටිනාකමක් දකින්න නෑ. පද මාලාව ඇතුලෙ විචාරය කර කර හොයන්න අර්ත සඟවල නැහැ. හැබැයි සංවාද කරන්න අවශ්‍ය ඉඩ එයින් ඔහු සලසල දෙනවා.


ඔහුගේ මෙම මගේ යාළුවට දැනුන විදිහට නෙමෙයි මට දැනුනෙ. ඔහුට අනුව මේක ගමේ කොල්ලෙක් බීලා උගෙ කෙල්ල ඌව දාලා ගිය එක ගැන කියන සිංදුවක්. ඒ කොල්ලගෙ වේදනාව ප්‍රකාශනයට පත් කිරීමක්. නමුත් මට මෙහි වෙනත් මානයක් පේනවා. කොල්ල ග්‍රීස් ගහේ කොඩිය ගන්න යනකොට කෙල්ල යනවා අවුරුදු කුමරිය වෙන්න, කොල්ල කොඩිය අරන් බැහැල යනකොට කෙල්ල අවුරුදු කුමරිය වෙලා කොළඹ කට්ටියක් අරන් ගිහින්. පිරිමියා ජීවිතය ගොඩ දා ගන්න කොඩිය ගන්න අරගල කරනකොට ඔහුටත් නොදැනිම ඔහුගේ ගැහැණිට මිලක් නියම වෙලා ඇය විකිණෙන්න ගිහින්. කොඩිය අරන් බැහැල එනකොට ගැහැණිය වෙළද භාණ්ඩයක්. ඇගේ නියපොත්තෙ ඉඳන් සියල්ලට මිලක් නියම වෙලා විකිණෙනවා. ඉතින් ඔහු කියනවා ඔයා හැම දේම විකුණන්න ඒත් ඔය මුළු හිතම මට දෙන්න කියල. ඔහු දකින්නෙ තමන්ගේ ගැහැණිය ශාරීරිකව විකිණිම ඇය මස් මඩුවක එල්ලපු හරක් ගාතයක ඉදන් සාප්පුවක හිටවපු ඩමියක් වෙන එක. ඉතින් මොහු වෙන කුමක් බලා පොරොත්තු වෙන්නද ඇගේ සියල්ල අනුන් විසින් පරිබෝජනය කරනකොට ඇගේ සිත විතරක් ඇරෙන්න. නමුත් ඇගේ හිත, ඇගේ සිතුවිලි පවා පරිබෝජනය කරන සමාජයක අපි ඉන්නෙ කියන එක ඔහුට තේරෙන්නෙ නෑ.

අජිත්ගෙ තවත් සිංදු කීපයක් මට youtube එකෙන් හම්බ උනා. ඒ සියල්ලත් සමාජ ගැටළු ගැන කතා කරන ඒවා, ඒවත් පහලින් දාන්නම්,







Saturday, March 12, 2011

අහිකුණ්ටකයන්ගේ හෝටලය


හැමදාම
කාමර
සීල් තියා වහන
විසාල හෝටලයක්!
රිසෙප්ශනිස්ට් නැතුව
හැම අහිකුණ්ටකයම
වද්ද ගන්න
ලගින්න....

අහිකුණ්ටකයන්ගේ හෝටලය
උන්ගේ දේපල
උන්ගේ කෙම්බිම
උන් සැතපෙන
උන්ගේ සොඳුරු නවාතැන
හෝටලය

අහිකුණ්ටකයො
ගැබ් ගන්න තැන
ඉපදෙන තිඹිරි ගෙය
ගමන් අරඹන
ආපහු එන නවාතැන
මැරෙන සුසානය
හෝටලය

අහිකුණ්ටකයන් අතින්
ලස්සන වෙන
මල්වර වෙන
දූශණය වෙන
හෝටලය

දූශණය වෙන කාමර
නිකන්ම සීල් වැටෙන
ලේ පැල්ලම් එක්කම
ඒ කාමර ආයෙ නෑරෙන,
දිනෙන් දින
ඇරුනු කාමර අඩු වෙන
කාලෙකින් වැහිලම යන,
අහිකුණ්ටකයො
නන්නත්තාර වෙන,
උන් ඉස්සරහ පෝලිම් ගැහෙන
දවසක වැහිලම යන
අහිකුණ්ටකයන්ගේ
හෝටලය.....

Monday, February 28, 2011

......................


ලවණ දිය දහරෙ
දිය කරපු
මගෙ
දිදුලන පහන් සිල

නෙතු පිය
ගසන විට
ඇහි පිල්ලමේ ගැටී
කෑලි කැඩුන
ඉටි රූපය

අයිස් කර
කෑලි කපා
තම්බා
උයා
මේසෙට ගෙනාපු,
අපි ඔක්කොම
පවුල පිටින්
රහ බලපු,
ජීවිතයේ සුන්දර
තෑග්ග
බ්‍රොයිලර් ආදරය.....

Sunday, February 27, 2011

හිනා යුද්ධ


ඔන්න එනවා
චන්ඩියා අපේ
රත්තරං පාට ගාපු
පිස්තෝලයක්
ප්ලාස්ටික්
ඉනේ ගහන්.....

චුස් චුස්
වෙඩි තිබ්බ
දෙන්නෙක්ට
මැරෙන්න
හුස්ම හිරවෙලා
හිනාවෙලා

මැරෙනවා මිනිස්සු
ඌ යන යන තැන
උගෙන් වෙඩිකාල,
රත්තරන් පාට
ප්ලාස්ටික් පිස්තෝලෙන්
චුස් චුස් චුස්......
හිනා බුලට්

ලංකාවටම
වෙඩිතියනවා
ඌ දැන්
හෙලිකොප්ටරයක නැඟන්
චිසි චිසි චිසි චිසි
ඒක රත්තරන් පාට
ඒ කේ 47ක් ප්ලාස්ටික්,
ලංකාවම හිනාවෙනවා
ලංකාවම මැරෙනවා
වෙඩි කාල චන්ඩියගෙන්
හිනා බුලට්.......

හදනවලු ඊලඟට
හිනා මෝටාර්
හිනා ආටි
හිනා මල්ටි බැරල්
හිනා මිසයිල්
වෙඩිතියන්න ලෝකයටම
මරන්න ලෝකයම
හිනා වෙලා
හිනා වෙලා
හිනා වෙලා
එක සැරේ......

Tuesday, February 22, 2011

විලි වදින වේදනාව


බරක්
මට මහ මෙරක බරක්
ඇඟ පුරාම
ඔඩු දුවන
මහ බරක්

විලි වැදෙනවා
බර හෑල්ලු වෙන්න
නමුත්
වින්නඹුව
පැනල ගිහින්
ගම ඇරල දොස්තර එක්ක

විලි රුදාව
ඇඟ හැමතැනම
රිදි රිදී
ඔඩු දුවනවා

නිදහස් වෙන්න
බරෙන් රුදාවෙන්,
වදන්න
වේදනාව
පුරුසඟ පලාගෙන,
ගැබ් ගනිපු
වින්නඹු අතින් දොස්තර එක්ක
පැනල යනකොට
ගම ඇරල

දැන් කෝම වදන්නද
බර හෑල්ලු වෙන්න
වේදනාව
තනියම
කට්ට තනියම

ආනයනය කරන්න
ඕඩර් කරන්න
වින්නඹුවක්
මට වදන්න
වේදනාව
බර
හෑල්ලු වෙන්න
පුරිසඟ පලන්

Monday, February 21, 2011

ආදර වැස්ස


ආදර වැස්සක් වෙලා

වහින්න

වහින්න

වහින්න

මගෙ රළු හිතට

වියළී ඉරි තලා පැළුනු


වහින්න

වහින්න

අනෝරා වැස්සක්ව

පැලුණු ඉරි තුවාල අස්සෙන්

වෑහෙන්න ආදරය

නිදන්ගත භූගත කුහර පිරෙන්න

හිස්තැන් වැහෙන්න


වහින්න ලොකු ලොකු බිංදු

මඩ වෙන්න රළු මතුපිට,

ලොකු ආදර අයිස් කුට්ටි


වට්ටන්න මම උඩට

දෙදුරුම් කන්න සරුවාංගය

දැනෙන්න තදට සැරට සීතලට


මම ගොඩක්

පස් ගල්

වැහැල වැහැල වැහැල

මාව නැති කරන්න.....

පහර දෙන්න

අයිස් කුට්ටි වලින්

පස් ගල් කීතු වෙන්න,

දියකර පස්

මඩ කරන්න

මගේ මතුපිට,

අවසන

කිචි කවන්න

හීන් පොද වැස්සකින්

ආදරේ නාමයෙන්

කුඩු වුනු

මඩ වුනු

දිය වුනු

මට............

මායාවකින් මායාවකට

මායාවකින් මායාවකට
මහා මායාවකට
පාවෙන්න කාලය
හරි.......

අතාර්කික
විනිවිද පේන
සරල
වැටහෙන
මායාව එපා.....
තාර්කික
ගැඹුරු
සංකීර්ණ
අලුත් මායාවක්
පාවෙන්න
මායාවෙම පැටලෙන්න
මායාව මායාවක් වෙන්න
ඔහේ ජීවත් වෙන්න
හුදු,
සමාජ සත්වයෙක්ව......

Tuesday, February 15, 2011

අත්/කකුල් දෙකින් හිටගන්නද? ඇලවෙන්නද?

සිතුම් බරුවක්
බරට
කිඳා බැහැල හදවතට
දම්වැලක් පාස්සපු

දම්වැල ඇදිල
කොනක් බරුවෙ
කොනක් මොළයෙ
පෑස්සිල

තැම්පත් වෙන්න
සිතුම් බරුව
හද පතුලෙ
වාසිය ගන්න ගුරුත්වයෙ
හිටගෙන කකුල් දෙකෙන්

තියා ගන්න
මොළ ගෙඩිය
ඔලු කට්ට අස්සෙම
වාසිය ගන්න ගුරුත්වයෙ
හිටගෙන අත් දෙකෙන්

නැත්නම්
ඇලවෙමුද
කොහේ හරි මුල්ලක
මොනවත් නොවී
මෙහෙම්ම ඉන්න......

Monday, February 14, 2011

වේශාන්තරය


හානේ
අපෙ සුදූ පූසා
පුරු පුරු
ගගා
කුරු කුරු
ගගා
හුරතලේට
සුදු දෝණිගෙ
උකුල උඩ
පාන්දරම !

ආනේ
මේ උඹෙ පූසද
ගොර ගොර
ගගා
ගොරෝගෙන
බෙල්ල හපාගෙන
පූසියෙක්ව
බිම පතබාවන්
වල් කමේ ආපු
අපෙ පිළිකන්නට
මහ රෑ !

නගරය


මට නුඹව නොදැනේ
නුඹට මා නොදැනේ
මම මගේ
නුඹ නුඹේ
ලෝක වල
වැටිල
තට්ටුවක්වත්
දාන්න
නිය තුඩින්
වරක්වත් දවසට
මතක් වෙන්න
ඉන්න බවක්
නුඹ කෙනෙක්
මා අසල
මම තියනව
එලාර්ම් පැයෙන් පැයට
මතක් වෙන්න
තට්ටු දාන්න
නුඹට
මමත් ඉන්නව කියන්න........

හූරන්න පාවෙන්න

ජීවිතයකින් ජීවිතයකට
පාවෙන්න
මේ ජීවිතයෙ
පව්
ගොන්
කර්ම
පටක හූරල
හෝදන්න
දර්ශනයක්
මට
දෙන්න
හොයල
හිත
කාස්ටකේ ඇවිදල
හොයන්න
නැති දේ
පිච්චිල
මූණ
කසනව ඔළුව
ඉස් හොරි පලදාව
දර්ශනය හොයල
හිත දූවිලි ගැහිල
වැහිල
ඇස් බොඳ වෙලා
කදුලු කැටි
මඩ පාටට
කම්මුල් දිගේ
හොයල නැති දේ
දර්ශනය වෙන්න
හැමදාටම
හූරන්න
පව්
ගොන්
කර්ම
දූවිලි තට්ටු
ඉස් හොරි තට්ටු......
පාවෙන්න
අලුත් ජීවිතයකට......!!!!!

Sunday, February 6, 2011

රෝස සුවඳ කැටි වෙරළු මල් සුවදේ එතී

නැවුම් රෝස මලක්
කණපිට ගහල
ලස්සන හංගල
පෙති ගලවන්න

රතු පාටින්
ලේ පාටින්
තිත් තිත් හැමතැනම
විසුරවන්න

ඔව්
ඉතුරු කරන්න
අනාගතයට
පැල්ලම් හැමතැනම

පල්ලම් බහින්න
අද ඉඳන් ඊයෙට
පැල්ලම් මකන්න
රෝස පෙති අලවන්න

උඹෙ කාමරේ
බිත්ති පුරා පැල්ලම්
කහ ගැහිල දාර බේරිලා
මොනවද මන්ද

වහන්න බිත්ති
කණපිට ගහපු
රෝස මලේ
පෙති ගලවා

පිවිතුරුයි හතර අත
උඹෙ වපසරිය
ලෙයින් පිරිසිදු කර
වසා පැල්ලම්

රෝස සුවඳ කැටි
වෙරළු මල් සුවඳෙ එතුනු
පරම පවිත්‍ර
කාමරය.....

Friday, February 4, 2011

නිදි කුමරිය නිදි නැත

වසාගෙන

මල්පෙති ඇසි පියෙන්

නිල් මැණික් ඇස්‍

හීන් හුස්ම අදිමින්

ලස්සන

චූටි

සුරඟනක් වන්

නිදි කුමරියක්......


නිදි කුමරිය

නිදි නෑ

මහ දවල්

පැදුර උඩ

මවනව

නින්ද

පේන්න එලියට

බයේ

පිය රකුසට

පැළට රිංගන

කසිප්පු බීගෙන.....


අවදියෙන්

නිදි කුමරිය

නෙත් පියන්

කන් ඇරන්

හඬට ලංවෙන

හෙමින්

හෙමින්

ගඳ දැනේ ඇයට

සැරට

සැරට

තත්පරෙන්

තත්පරේට


පිය රකුසු

වට පිට බැලු

නින්දේ

උගේ ලෙය

පැදුර මත

සොඳුරු නිදි කුමරියක්ව!...


උතුරයි ස්නේහය

පිය රකුසු

දණ ගහන්

නිදි කුමරි ලඟ

ඇකිලෙයි

ඇස් කුඩා නෑරෙන්නම

බයෙන් පිය රකුසට


තෙමෙයි කම්මුල්

නිදි කුමරිගෙ

උතුරන කසිප්පු

රකුසු පෙමින්

ගැලවෙයි ඇදි වත

නලියයි රකුසු ගත

නිදි කුමරි මත

ඇකිලී වැසුනු දෙනෙතින්

කඳුලු දහරක්

ලපටි දෙපා අතරින්

උණු ලේ දහරක්

නලියන පොඩි දෙතොල් වසා

පිය රකුසු අතක්


"පර රකුසො

මේ තොගෙ දුව!!!"

රකුසියක් කෑ ගහන්

ගස් ගඳ ගහං

පැළ තුලට

තද වෙයි

රකුසු ගෙල

මන්නෙකින්

අතකින් කැහැටු

රබර් කිරේ පෙඟුනු

"ඇයි ඇයි

තෝ

කලේ මේම!!!!

මං ඉන්දැදි!!!

මම බාවනවතෝව!!!!!!!"

වෙනස්

රකුසු මව් පෙම

රකුසු පිය පෙමින්


ලේ ගලන

උගුර උඩ පහල

මන්න තලේ අහුවී...

"අනේ අනේ බං

හිතල නෙමේ කලේ බං

නිකන්ම උනා බං

වාවන්නැතිව බං

උබ වගේ නෙමේනෙ බං

කැහැටු නෑනේ බං

ගොරෝසු නෑනේ බං

ගෑනු රූප පත්තරේ

ගෑනු රූප පෙට්ටියේ

ගෑනු බිත්ති පෝස්ටරේ

මට ඉන්නෙ මෙච්චරනෙ

මගෙ ලෙයින් හැදුන එකා

මට ජීවිතේ පෙන්නන්න

මට ජීවිතේ විඳ ගන්න"

අවසන් වචන රකුසගෙ

අවසන් කැපුම රකුසිගෙ

අවසන් දිනය

නිදි කුමරිගෙ......

ළදැරියක්ව.......

Monday, January 31, 2011

බැරිනම් උගන්නන්න


ගිණියම් පොළව
ඉරිතලා
සිටවා
ගිණියම් ගල් කණු
තලා එය
මිටෙන්
කුඩු කර
විසුරුවා
දස අත
ඇවිද්දවන්න
නූබේ පුතු
ඊයේ ඇවිද්ද
පළමුවර
ගිණියම් පොළව මත
සිඟිති පා තබා........

දවවන්න
සිඟිති පතුල්
ගල් කට්ටක්ව
රළු වෙන්න
පයගහන්න
හැම තැනම
බිය නැතිව වේදනාවට......

නුඹ මෙන් නොවන්න
පලායන
බයගුල්ලෙක්
පය නොතබන
ජීවිතයේ රළු මතුපිටට........



Saturday, January 29, 2011

To Jostein Gaarder

Its Philosophy

to you

Sophie's World....

you take her

a journey of philosophy

to

question everything

see inside of everything

of life

but Sophie???

I don't see

the Sophie you show

I see Sophie

everywhere here

struggling with everything

looking inside of everything

to live life.....

The Sophie you see

The Sophie I see

for me

Fantasy and Reality

Commode and Squat

My mother Sophie

plucks tea everyday,

I'm a part of

Sophie's world

No!!!

I am Sophie's world

My mother

wasted

all money

she saved in a year

to buy

Sophie's World

for me

to

learn philosophy

I read

I question

is this real!!!

all comforts Sophie has!!!

thats the Sophie's World?

in book

In real

I see Sophie Cry

I see Sophie Suffer

Jostein Gaarder.....

why all these lies

I see Sophie's World

then,

I know philosophy

I am Sophie's World

I need money

My mother Sophie spent

for Sophie's World

we are hungry

we need to eat

at least once a day

thats the philosophy......

Tuesday, January 25, 2011

ලියන්න ලියන්න


ලියන්නම් කවක්
අලවන්න
ගැලවි ගැලවි
යන
හදවතේ
පතුරු.....

ජීවිතය නම්
බොරුවෙ
ගිලී ගසා යන
බුද්ධියට
එල්ලෙන්න
කොටයක් වෙන්න

මගූල් පෝරුවෙ
ලෑල්ලක් කැඩිල
කකුල හිරවුන
මිනිහට
අත දෙන්න..........

Wednesday, January 19, 2011

e-Love

Hey you

am talking

can you listen

Florentino Ariza

I hate

you

your waiting

for love

my love

having

cholera

it's dieing

dieing

it is a ball

a big ball

full of shit

Come it's open

the drama

of

green shit ball...!

thousand

opera lenses

aimed to my

ball

love ball

shoot it

through

opera lenses

by words

to explode.....

and I will

explode your

ball of

love

fantasy of

true love

each of you

hiding in hearts.....

spit

spit

spit

on my love

it's

having cholera

it's shit

to you

to civilization.....

Ariza

am not a hunter

like you

I can't hunt

women....

you loved

in a time of cholera

I love

the cholera

that makes you

die

alone

with love......