Pages

Sunday, January 9, 2011

සුසුම්බිය පසුම්බිය


ඇයව කර
කඩිත්තක් මඩ
නුඹව කර
ගෙම්බෙක් එමත
හඬ නගා
පිටව ගිය
සුසුම් වැල්
කෝ.....?

නුඹ රවටා ඇගෙන් ගිය සුසුම් වැල්
යැව්වා ඇයට නුඹෙන් සුදු කුසුම් වැල්

කඩිත්තේ පෙඟුනු
ගෙම්බා අසල
උඩුබැලිව
සිතනවා
කොහේ සැඟවීද
ඒ.....
චපල
සුසුම් වැල්
මේ කුඩා
කුටිය තුල

ඇයට රිංගූ හොරෙන්
චපල සුදු කුසුම් වැල්
අදිනු නොහැකිව නැවත
ගැහෙනවා ඇතුලෙන්
දෙදෙනාම බියෙන්

සොයන්න
පිටව ගිය
රැවටිලිකාර
සුසුම් වැල්
ඇද යට
මේස යට
සිවිලිමේ
පංකා පෙති අතර
සොයා මිරිකන්න
යුශ බේරෙන්න
ඇගේ
කටට
නහයට
එලවන්න
ආ දිහාවට
නුඹ රැවටූ
රැවටිලිකාර සුසුම් වැල්
නැතිවෙන්න බිය
දෙන්නගෙම.....

No comments:

Post a Comment