Pages

Monday, February 21, 2011

ආදර වැස්ස


ආදර වැස්සක් වෙලා

වහින්න

වහින්න

වහින්න

මගෙ රළු හිතට

වියළී ඉරි තලා පැළුනු


වහින්න

වහින්න

අනෝරා වැස්සක්ව

පැලුණු ඉරි තුවාල අස්සෙන්

වෑහෙන්න ආදරය

නිදන්ගත භූගත කුහර පිරෙන්න

හිස්තැන් වැහෙන්න


වහින්න ලොකු ලොකු බිංදු

මඩ වෙන්න රළු මතුපිට,

ලොකු ආදර අයිස් කුට්ටි


වට්ටන්න මම උඩට

දෙදුරුම් කන්න සරුවාංගය

දැනෙන්න තදට සැරට සීතලට


මම ගොඩක්

පස් ගල්

වැහැල වැහැල වැහැල

මාව නැති කරන්න.....

පහර දෙන්න

අයිස් කුට්ටි වලින්

පස් ගල් කීතු වෙන්න,

දියකර පස්

මඩ කරන්න

මගේ මතුපිට,

අවසන

කිචි කවන්න

හීන් පොද වැස්සකින්

ආදරේ නාමයෙන්

කුඩු වුනු

මඩ වුනු

දිය වුනු

මට............

2 comments:

  1. ආදර වැස්සකට හිදින්න ඉඩ දුන්න...
    ආදර වැස්සකට පාර කියා දුන්න...
    ආදර වැස්සකට පාට තැවරුව...
    ආදර වැස්ස..වැස්සමයි...
    මගේ මුලු හිත් පොඩ්ඩ ..
    කිති කවාලුව....
    ඉදින් අවසර...
    හිදින් මා ලග...
    ලගින් හිද ..
    සනසන්න...
    සැනසෙන්න..
    දැවටෙන්න...


    ප:ලි.. ලස්සනයි නිමෙශ්...දිගටම ලියන්න සුබ පැතුම්..

    ReplyDelete
  2. @නිම්ශා: බොහොම ස්තුතියි!!

    ReplyDelete