Pages

Saturday, March 12, 2011

අහිකුණ්ටකයන්ගේ හෝටලය


හැමදාම
කාමර
සීල් තියා වහන
විසාල හෝටලයක්!
රිසෙප්ශනිස්ට් නැතුව
හැම අහිකුණ්ටකයම
වද්ද ගන්න
ලගින්න....

අහිකුණ්ටකයන්ගේ හෝටලය
උන්ගේ දේපල
උන්ගේ කෙම්බිම
උන් සැතපෙන
උන්ගේ සොඳුරු නවාතැන
හෝටලය

අහිකුණ්ටකයො
ගැබ් ගන්න තැන
ඉපදෙන තිඹිරි ගෙය
ගමන් අරඹන
ආපහු එන නවාතැන
මැරෙන සුසානය
හෝටලය

අහිකුණ්ටකයන් අතින්
ලස්සන වෙන
මල්වර වෙන
දූශණය වෙන
හෝටලය

දූශණය වෙන කාමර
නිකන්ම සීල් වැටෙන
ලේ පැල්ලම් එක්කම
ඒ කාමර ආයෙ නෑරෙන,
දිනෙන් දින
ඇරුනු කාමර අඩු වෙන
කාලෙකින් වැහිලම යන,
අහිකුණ්ටකයො
නන්නත්තාර වෙන,
උන් ඉස්සරහ පෝලිම් ගැහෙන
දවසක වැහිලම යන
අහිකුණ්ටකයන්ගේ
හෝටලය.....

2 comments:

  1. එක එක විධියට කියෙව්ව! අන්තිමේ මට හිතුණෙ මේ මගේ හිත ගැන කියවෙන එකක් කියල... හිතත් ඔය හෝටලේ වගේනේ...

    ReplyDelete
  2. @here :-) : ඔව් හිත තමා...නියමයි

    ReplyDelete