Pages

Sunday, March 13, 2011

රොක් අජිත් (Rock Ajith)


අජිත් කුමාරසිරි නැත්නම් රොක් අජිත් ගැන අමුතු කතාවට ලියන්න හිතුනෙ ඔහුගෙත් මොකක්දෝ අමුත්තක් ලංකාවෙ කලාකරුවන් අතර තිබ්බහම දකින නිසයි. මට අජිත් කුමාරසිරි ගැන අහන්න ලැබෙන්නෙ මේ ලඟදි, ඒ මගේ සංගීතය ජීවිතය කර ගත්තු යාලුවෙක්ගෙන්.


යසිත් කියන මේ මගේ මගේ මිතුරා (ඉස්කෝලෙ හය වසරෙ ඉඳන් එකට අල උන ඒත් අපි දෙන්න වෙනම විශ්ව විද්‍යාල දෙකකට තේරුන නිසා කාලෙකින් හමු උනේ) මගෙන් හමු උන පළවෙනි දවසෙම අහනවා "මචං උබ අජිත්ගෙ සිංදු අහල තියෙනවාද?". මේක අහපු මම උඩ යනවා ලඟදි වේදිකා නාට්‍ය හොඳම සංගීතය සඳහා සරසවි සම්මානය දිනපු එකා අජිත් ගැන අහපුහාම. ඉතින් මම මූනත් ටිකක් ඇඹුල් කරන් අහනවා "කවුද බන් බස් අජිත්ද?". මිනිහත් හිහා වෙලා කියනවා "නෑ බං මේ රොක් අජිත් අරූ නෙමෙයි ඉන්න ටිකක්" කියල මගේ මිතුර අජිත් කුමාරසිරිගෙ ඔහුගෙ ප්‍රියතම විතරක් නෙමෙයි මේ දිනවල ඔහුගෙ ප්‍රියතම ගීතයත් වෙන "Love n Vote" ගීතය අහන්න සලස්සනවා. මේ ගීතයේ වෙනස, අමුත්ත මට මාර විදිහට දැනුනා. ඒ අමුත්ත තමයි අජිත් කුමාරසිරි නැත්නම් රොක් අජිත් ගැන ලියන්න නිමිත්තක් සපයන්නෙ.

අජිත්ගෙ සංගීතය සහ භාවිතාව වෙනස්ම තැනක තමා ස්ථාන ගත වෙන්නෙ. ඔහුට විශය පථය වෙන්නෙ සමාජ ගැටළු, යුද්ධය, සාමය, සමාජයේ ලිංගික අර්බුධය. ඒත් එක්කම සංගීතය වෙනස් ඔහු පවසන ආකාරයටම ඔහු ශබ්ද සංයෝජකයෙක්. ඔහුගේ ගී පද මාලා ගැන කතා කලොත් එහි සාහිත්‍යමය වටිනාකමක් දකින්න නෑ. පද මාලාව ඇතුලෙ විචාරය කර කර හොයන්න අර්ත සඟවල නැහැ. හැබැයි සංවාද කරන්න අවශ්‍ය ඉඩ එයින් ඔහු සලසල දෙනවා.


ඔහුගේ මෙම මගේ යාළුවට දැනුන විදිහට නෙමෙයි මට දැනුනෙ. ඔහුට අනුව මේක ගමේ කොල්ලෙක් බීලා උගෙ කෙල්ල ඌව දාලා ගිය එක ගැන කියන සිංදුවක්. ඒ කොල්ලගෙ වේදනාව ප්‍රකාශනයට පත් කිරීමක්. නමුත් මට මෙහි වෙනත් මානයක් පේනවා. කොල්ල ග්‍රීස් ගහේ කොඩිය ගන්න යනකොට කෙල්ල යනවා අවුරුදු කුමරිය වෙන්න, කොල්ල කොඩිය අරන් බැහැල යනකොට කෙල්ල අවුරුදු කුමරිය වෙලා කොළඹ කට්ටියක් අරන් ගිහින්. පිරිමියා ජීවිතය ගොඩ දා ගන්න කොඩිය ගන්න අරගල කරනකොට ඔහුටත් නොදැනිම ඔහුගේ ගැහැණිට මිලක් නියම වෙලා ඇය විකිණෙන්න ගිහින්. කොඩිය අරන් බැහැල එනකොට ගැහැණිය වෙළද භාණ්ඩයක්. ඇගේ නියපොත්තෙ ඉඳන් සියල්ලට මිලක් නියම වෙලා විකිණෙනවා. ඉතින් ඔහු කියනවා ඔයා හැම දේම විකුණන්න ඒත් ඔය මුළු හිතම මට දෙන්න කියල. ඔහු දකින්නෙ තමන්ගේ ගැහැණිය ශාරීරිකව විකිණිම ඇය මස් මඩුවක එල්ලපු හරක් ගාතයක ඉදන් සාප්පුවක හිටවපු ඩමියක් වෙන එක. ඉතින් මොහු වෙන කුමක් බලා පොරොත්තු වෙන්නද ඇගේ සියල්ල අනුන් විසින් පරිබෝජනය කරනකොට ඇගේ සිත විතරක් ඇරෙන්න. නමුත් ඇගේ හිත, ඇගේ සිතුවිලි පවා පරිබෝජනය කරන සමාජයක අපි ඉන්නෙ කියන එක ඔහුට තේරෙන්නෙ නෑ.

අජිත්ගෙ තවත් සිංදු කීපයක් මට youtube එකෙන් හම්බ උනා. ඒ සියල්ලත් සමාජ ගැටළු ගැන කතා කරන ඒවා, ඒවත් පහලින් දාන්නම්,







4 comments:

  1. patta sindu tika macho...aththatama meya gana dana gathhe me post eken thanx macho

    ReplyDelete
  2. මමත් බොහොම රස විඳින ගායකයෙක්. මිනිස්සුන්ට වැඩක් නැති වුණාට ඔහුගේ කලා භාවිතය ඉටු වෙයි කියල හීන විතරක් මවන්න පුළුවන් 'යහපත් අනාගතයක්' වෙනුවෙන් අවශ්‍යයි. මඩේම ලැගගෙන මඩ ගැනම කියවන සංගීතකරුවන් අතර ඔහු ඉන් එලියට ඇවිත්...

    කිලෙකට කලින් මමත් අජිත් ගැන ලිව්වා... ඇඩ් එක් කියල හිතන්න එපා...

    http://living.hartstuff.com/2009/04/blog-post_12.html

    ReplyDelete
  3. @අසංක: ඒකනම් මට මාර සතුටක්!!

    @hare :-): මමත් හරිම ආසයි මේ මනුස්සයගෙ භාවිතාවට. මේ වගේ අය ගැන ලියවෙන ප්‍රමාණය අඩුයි ඒ නිසා මම ගොඩක් අගය කරනවා ඔයා ලියපු එක..

    ReplyDelete
  4. අජිත් කුමාරසිරි කියන්නේ මහා ලාංකිකයාගේ දේශපාලන පක්ෂයේ ඉඳන් ඇඳ උඩ තියෙන ප්‍රශ්න දක්වා පරාසයක් ගැන නිර්භීතව කතා කරන මිනිහෙක්. මම ගොඩක් කැමතියි අමුතු කතාව අජිත්ගේ ගීතවල රළු අසම්බන්ධිත වචන පේළි යටින් ගලාගෙන යන සන්දර්භය හඳුනාගෙන තියෙන ආකාරය ගැන. උදාහරණයක් විදියට ග්‍රීස් ගහේ මුදුනටම ගියා ගීතය... සතුටුයි,,, වටිනා විචාරයක්...
    ~හිපියා

    ReplyDelete