Pages

Sunday, June 12, 2011

රසායනික ආදරයක් ?


අපි පියාඹමුද
වචන පහුකරන්
අතිශය ද්‍රව්‍යමය ඉඩකට...
මොළය පීරල
වචන හිරකරල කොනක
බැම්මක් බැඳල,
අපි අපිවම හමුවෙන්න
රසායනිකව,
ආත්මය අහෝසි කරල
අනාත්මිකව
ආදරය කරන්න
ඔයා මගෙ රසායනිකත්වයට
මම ඔයාගෙ රසායනිකත්වයට....
ආදරය කරමින්
අපි අපිවම
ගල් කරවමින්
දිය කරවමින්
අතිශය
ද්‍රව්‍යමය
ඉඩකඩක........

2 comments:

  1. ඇත්තට ඔය රසායනය
    හමුවෙන මොහොතේ
    ප්‍රතික්‍රියාවෙන් විහිදුණු
    අධික ශක්තියෙන් නිලංකාරව
    රසායනිකව ඉතිරී යද්දී
    වචන අහිමිව
    හිස් වූවා මතකයි!

    ReplyDelete