Pages

Tuesday, May 8, 2012

...................................

සූරා දමා
සිතේ සුසිනිදු පටක
පැය කෝටියක්,
සැඳුනු 
කුඩා සිදුර
දායාදයයි නුඹෙන් ලද......

දුෂ්ට රික්තකය
මා මා
තුලටම
මා මා
සිත තුලටම
දියකර හරිනා
රුදුරු ආගාධය
නුඹ සැදූ සිදුර......

මගෙ සිතින් ඉපැද
සෞන්දර්යාත්මකව
මා මරනා 
කාෂ්‍යප පුතු
සිදුර......

වල්මත්ව සැරිසරන
කණා එලි අතර
පෑයූ 
එකම 
පහන් තරුවේ
ආලෝකයත් ගිල
මා අතරමං කළ

මගෙන් ජාතක වූ
නුඹෙන් පෝශණය වූ
කළු කුහරය......