Pages

Friday, March 20, 2015

............................................


අසංවිධිත
ප්‍රේමය නිරුද්ධ සිරුරකට
අසේනිය කුසුමක
රේණු අගින්
වළා බරිත අමාවක රැයක
කිති කැවූ ආදරය....

වළා පහව
හිරු නෑගෙන සඳ
සඳත් නොදැකම
පිණි බිදු හා
මැකී ගිය ආදරය...

උදෑසන හිරු එලියේ
කුරුළු බටිත්තන් හා
යතාර්ථයට පියඹා යන්නට
හඬ ගසන ජීවිතය
පිටු දැක
මැකී යන
මැකී ගිය
ඒ පිණි බිඳු දැවී ශේෂ වූ
අළු පුපුරු සොයමින්
තවමත් මම
මම පියා වී
නුඹ මව නොවී
ජාතක වූ
අපේ ලෝකයේ
අන්ධ සන්‍යාසියෙක්ව
හදවත හා උරණ වූ හද ගැස්මක්
කැටුව යන දිගු ගමනක...

No comments:

Post a Comment