Pages

Friday, May 5, 2017

.................................................

විල් දිය තලෙක
පිළිබිඹු මවන්නට
අකැමැතිනම් සඳ
නැඟුනේ කිම්ද
පාළු අහසකට

සඳ සීරුවෙන්
දැඩි සිත්ව මුරණ්ඩුව
සයුරු ඉම ගිලෙන කළ
විල පාළු වූවද
විල පතන්නේ සඳමය

කරදිය උරුම
සයුරටමනම්
දිවා රෑ රළ
පෙරළෙන්නේ කිම
වෙරළ දෙසටම

රළ පහර කුඩා
හමුවීමකින් පසුව
වෙරළ මත කුඩා
සලකුණක් හැර
සයුරේම ගිලෙන කළ
වෙරළ හිස් වුවද
පතන්නේ රළ පහසමය

අකීකරු විල
නොදැමුණු වෙරළ
දුක උරුම මා සිතය
සඳ රුවට සසැලෙන
රළ පහස් අයදින

විලෙක පත්ලෙක
වෙරළක වැලිකැට තරමට
දුක සඟවන්
සඳට රළට හිනැහෙන

මේ
විල සිඳෙන්නට
වෙරළ මැකෙන්නට
සමයයි

සියළු දේ කලු ලොවක
අන්ධකාරය රජයන
සිත් පහනක
කුඩා ආලෝකය
නොසෑහෙයි
ජීවිතයද සමඟම සිතද
වියැකිය යුතු
මේ
වස්සාන සමයේ
රුදුරු
දිය පහරට....

No comments:

Post a Comment