Pages

Saturday, July 1, 2017

මාර්ගය

අතරමංව
ජීවිතය සොයන සමයක 
අවිනිශ්චිත මංසලක 
මගක් විය එකම 
සිත මිමීනූවත් 
හද උරණ වූවත් 
නොයා යුතු මඟකැයි එය 
බුද්ධියයි ගෙන ගියේ එමඟ 
සංචරණය 
ප්‍රකෘතිය වූ ලොවක 
යා යුතුමැ හෙයින් මඟක....  

අවිනිශ්චිත මංසලේ  
නැවතීම සංකර වුවත් 
නැවතීම විඩාබර වුවත්
ප්‍රකෘර්තිය අපුල් කොට 
නැවතිය යුතු වුවත් 
සහජ  සංඥාණනය 
එසවීය පා 
නොයා යුතු මඟටම   

එමඟ මග 
ජීවිතය හමු වූ යැයි 
පුන පුනා කීවත් බුද්ධිය 
හද උරණය තාමත් 
නෝක්කාඩු කියයි සිත 
දෙවසරකට පසුවත් 

සිත සොයන්නේ 
හද පතන්නේ 
යා යුතුවැ තිබූ මඟමය
උන් සිටින්නේද 
නිසි මඟක් තිබිය යුතු  
සමාන්තර විශ්වයකය, 
සහජ  සංඥාණනයන්ද 
බුද්ධියද පමණක් 
ශේෂ වූ දේහයක් 
හදවත වියුක්තව 
අතරමංව නැවතත් 
මඟක අතරමගදී  
පසක් වී 
මෙහි නොවේයැයි ජීවිතය...

No comments:

Post a Comment