Pages

Friday, December 15, 2017

මල් කැකුළු ඇත හැංගී

අඳුරු වන වඳුලක  
කටු කොහොල් අතරත 
දෙපා සීරී ලේ ගලන
වේදනා සනහන්නට  
මල් කැකුළු ඇත හැංගී 
ඉදහිට... 

කාශ්ටක කතරක 
දැවෙන වැලි අතරත 
ලය පුරා නැගෙන 
සරතැස සනහන්නට 
මල් කැකුළු ඇත හැංගී 
ඉදහිට... 

අදමිටු ලොවක 
සදොස් දන අතරත 
බැට කා හුදෙකලා වුන 
මිලින හදවත සනහන්ට 
මල් කැකුළු ඇත හැංගී 
ඉදහිට..

No comments:

Post a Comment